මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇදිරිනීතිය යළිත් අද පස්වරු 6ට

මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක වන ඇඳිරි නීතිය පෙරවරු 10.00 ඉවත් කර නැවත අද පස්වරු 6ට පැනවීමට ආරක්‍ෂක අංශ තීරණය කර තිබේ.

සාමාන්‍ය ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබා දෙනු පිණිස මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක වන ඇඳිරි නීතිය ලිහිල් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඒ අනුව අද පෙරවරු දහයේ සිට පස්වරු හය දක්වා ඇදිරිනීතිය ඉවත් කරන ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කර ඇති අතර, මෙම සහන කාලය තුළ ඉතා වගකීමෙන් කටයුතු කරන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top