නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කරන ලෙස බලකරමින් ආනන්ද අළුත්ගමගේ මහතා අද(10) උදෑසන නාවලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ගයේ බිම වැතිරී විරෝධතාවයක නිරත වුණි.
අළුයම 5:00 ට පමණ ආරම්භ කල විරෝධතාවය නිසා පැය දෙකක පමන කාලයක් එම මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු සදහා විකල්ප මාර්ග ලබා දීමට නාවලපිටිය පොලිසිය කටයුතු කර තිබුණි.
කෙසේවෙතත් පසුව මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත්ව තම ගැටළුව පිළීබඳව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත දුරකථනය ඔස්සේ දැනුම් දී තිබේ.
Add Comment