SRILANKAN NEWS

යහපාලන ආණ්ඩුවෙන් මෙරට සංස්කෘතියට බලපෑමක් – බැසිල් රාජපක්‍ෂ

Basil Rajapaksa - බැසිල්වත්මන් යහපාලන රජය විසින් ශ්‍රී ලාංකික සංස්කෘතියට අයහපත් ලෙස බලපෑම් කිරීමට කටයුතු කරමින් සිටින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කර සිටියේ අම්බලන්ගොඩ නගර සභා ශාලාවේ පැවති උත්සවයක් අමතමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු හිටපු අමාත්‍යවරයා, තමන් විසින් ජනතාවට ලබාදුන් ඇතැම් සහන සම්බන්ධයෙන් වර්තමානයේ දී තමන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව සදහන් කළ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ මෙරට කලාකරුවන් ඇතුළු සමස්ත ජනතාව වෙනුවෙන් සිදුකල මෙහෙය වත්මන් රජයේ යටතේ සිදු නොවන බවද අවධාරණය කරන ලදී.

– Global Tamil News : Sinhala