දිනේෂ් චන්දිමාල්ට ඉදිරි තරග 02 ක් අහිමි වෙයි..

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට මේ වන විට පැවැත්වෙන නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ඉදිරි තරග දෙකක් අහිමිවී තිබේ.

පසුගිය බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත් වීම නිසා දිනේෂ් චන්දිමාල්ට මෙම තරග තහනම පනවා ඇත.

ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය අද (12) කොළඹ ආර්. ප්‍රේමදාස කි‍්‍රඩාංගණයේදී පැවැත්වේ. මෙම තරඟයේ නායකත්වය තිසර පෙරේරාට හිමිව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top