නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 5 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ, ගුවන් මගියෙක් අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක පවසයි.

මොහු වෙන්නප්පුව මාරවිල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ව්‍යාපාරියෙකි.

ඔහු රැගෙන ආ ගමන් මල්ලේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 10,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 50 ක් සඟවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

මෙම දුම්වැටි තොගය රාජසන්තක කර නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ මෙම ව්‍යාපාරිකයාට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top