සමාජ ජාලා තහනම ඉවත් කළ යුතුයි – චම්පික රණවක

මහනුවර ගැටුම සාමකාමීව අවසන් වී තිබෙන බැවින් ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති බාධකය ඉවත් කළ යුතු බව ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද (13දා) පැවසීය.

මහනුවර සිද්ධිය සමථයකට පත්වනතුරු එම බාධකය පැනවීම යහපත් දෙයක් බවත්,තවදුරටත් එම තහනම පැනවීමේ අවශ්‍යතාවයක් නැති බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ව්‍යාපාර කටයුතු,රැකියා කටයුතු,අධ්‍යාපන කටයුතු ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සඳහා ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය යොදාගන්නා බවත් ,එවැනි තාක්ෂණික මෙවලම් තහනම් කර නැවත ගල් යුගයට යෑමට අවශ්‍ය නැති බවත්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top