SRILANKAN NEWS

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ යුකියා අමානෝ ලංකාවට

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් යුකියා අමානෝ මහතා ශ්‍රී ලංකා රජයේ ආරාධනාවක් මත අද දින දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

1957 වසරේ ආරම්භ කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ ශ්‍රී ලංකාව ආරම්භක සාමාජිකයෙකු වේ.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මෙරට සංචාරයේදී ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය ඇතුළු ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට ද නියමිතයි.