ෆේස්බුක් භාවිතාව සම්බන්‍ධයෙන් නව වැඩපිළිවලක් – ජනපති

මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවත් මෙම සම්පත් නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ නව වැඩපිළිවෙලක් ඉදිරි සති කිහිපය තුළ රටට හඳුන්වාදීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා,සහ ජපානයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් අතර පැවැති හමුවක් අමතමින් මේ බව පවසා ඇත.

ජාතික සමඟිය නැති කිරීම, ජාතික ආරක්ෂාවට හානි කිරීම, පුද්ගලයන්ට කරන බරපතළ නින්දා කිරීම් වැනි දේ ඉවත් කර යහපත් සහ නිවැරදි දේ පමණක් හුවමාරු කෙරෙන මාධ්‍ය වැඩි වැඩියෙන් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top