ලබන මාසයේ සිට දුම්රිය ගාස්තු 15% කින් වැඩි වෙයි..

ලබන මාසයේ සිට දුම්රිය ගාස්තු 15% කින් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙලෙස දුම්රිය ගාස්තු වැඩි කරන්නේ වසර 10 කට පසු බවද එම දෙපාර්තුමෙන්තුව සඳහන් කර තිබේ.

දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බවත්, ඊට අදාළ ගැසට් නිවේදනය මේ මස අගදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවැසේ.

කෙසේ වෙතත් අවම ගාස්තුව තවදුරටත් එම අගයේම පවත්වාගෙන යාමට නියමිත බවද සදහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top