SPORTS

නිදහස් කුසලාන 20-20 තරඟාවලියේ ජය ඉන්දියාවට

Image result for nidahas trophy finalනිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ (18) දින පැවැති අවසන් මහ තරඟයේ කාසිය වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 166ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම සඳහා ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.

බංග්ලාදේශය – 166/8 (ඕවර 20) සබීර් රහ්මාන් 77, මහ්මුදුල්ලා 21(යුස්වෙන්දර් චාහල් 18/3, ජාදේව් උනද්කාට් 33/2)

ඉන්දියාව – 168/6 (ඕවර 20) රෝහිත් ෂර්මා 56, දිනේෂ් කාර්තික් නොදැවී 29, මනීෂ් පාන්ඩ්‍යා 28 (රුබෙල් හොසෙන් 35/2)