37 වන ජගත් මානව හිමිකම් සැසිවාරයට සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිතයන් අද පිටත්ව යයි..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයට සහභාගීවිම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස අද (19) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ විශේෂ කාර්යය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඇතුළු කණ්ඩායමක් ජිනීවා බලා පිටත්ව යන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය පසුගිය පෙබරවාරි මස 26 වනදා ආරම්භ වූ අතර එය මාර්තු මස 23 වනදා දක්වා පැවැත්වේ.

ඒ අනුව එළඹෙන 21 වනදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඔහුගේ වාර්තාව ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top