ප්‍රන්සිස් පියතුමා සමඟ අතුරුදන්වූවන් නිදහස් කර ගැනීමේ උද්ඝෝෂකයන් සහ ජනපති අතර සාකච්ඡාවක්..

අවසන් යුද්දයේදී, භාරවීමෙන් අනතුරුව අතුරුදන්වූ ප්‍රාන්සිස් පියතුමා සහ ඔහු සමඟ භාරවීමෙන් පසු අතුරුදන් වූ ජනතාව ගැන තොරතුරු හෙළි කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක නිරතවූවන්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය හෙලාදක අතුරුදන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවක නිරතවූහ. යාපනය පත්‍රිසියාර් විදුහලේ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා අද දින යාපනයට පැමිණි අවස්ථාවේ මෙම විරෝධතාව පැවැත්වුණි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ සංවිධානයේ සම්බන්‍ධිකාරක එම්. ශක්තිවේල් පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවැත්වුණි. අවසන් යුද්දය පැවැති සමයේ ප්‍රන්සිස් පියතුමන් සමඟ හමුදාව වෙත භාරවූ ඥාතීන්ට සිඳුවුයේ කුමක් ද? යැයි විරෝධතාකරුවන් ප්‍රශ්ණ කරමින් විරෝධතාවයෙහි නිරතවූහ.

මෙම උත්සවයට ජනාධිපති සමඟ විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන්, උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගිවීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top