අද පාර්ලිමෙන්තුවේදී ‍විශේෂ පක්ෂ නායක රැස්වීමක්

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(22) දහවල් 12.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළීබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඊට අමතරව බැඳුම්කර සහ බරපතළ වංචා ජනාධිපති කොමිෂන් සභා වාර්තා වල විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් ද පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර අග්‍රමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද අද පැවැත්වීමට නියමිතව බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top