SRILANKAN NEWS

ඉරක්කාමම් ප්‍රදේශයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අමාත්‍යවරයකුගේ සම්බන්‍ධයක්..

හෆීස් නසීර්ඉරක්කාමම් මායක්කල්ලි ගල් පර්වතයේ බුදු පිළිමයක් තැන්පත් කිරීම පමණක් නොව එයට අසල පිහිටි ඉඩම්ද භික්‍ෂුන් වහන්සේලා විසින් ඉල්ලා ඇති බවත්, මෙම සිද්ධියට පසුපස යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරයකු ද සිටින බවට කියන බවත්, එනම් එම අමාත්‍යවරයා ජාතික ආණ්ඩුව පෙරලීමට උත්සහ කරන බලවේගවලට සහාය වනවාදැයි සැකයක් ඇතිවී තිබෙන බව නැගෙනහිර පළාත් මහ ඇමැති හෆීස් නසීර් අහ්මද් මහතා පවසයි.

පසුගියේ පාලන සමයේ සුළු ජාතීන්ට අයත් ඉඩම් සැලසුම් සහගතව අත්පත් කළ අතර, යුද්දය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාව යළි තම ප්‍රදේශවලට පැමිණි විට එහි නව පදිංචි කිරීම් සහ හමුදා කඳවුරු දැක්නට තිබූ බව පවසා සිටි මහ ඇමැතිවරයා එම තත්වය වෙනස් කිරීමේ අරමුණින් සුළු ජාතික ජනතාව බලාපොරොත්තු රැසක් සහිතව යහපාලන ආණ්ඩුවට ජන්දය ලබාදුන් බව පවසා තිබේ.

නමුත් අද ජනාධිපති සහ අගමැතිවරයා අකමැති කරුණු රැසක් සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක වන බවත්, සුළු ජාතීන් අතර යහපාලන රජය කෙරෙහි අප්‍රසාදය ඇති කිරීමේ වැඩපිළිවලක් තිරය පසුපසින් ක්‍රියාත්මක වන බවද පවසා තිබේ.

නැගෙනහිර පළාතේ දෙමළ, මුස්ලිම් සහ සිංහල ජනතාව සමඟියෙන් ජීවත්වෙති. එය කඩාකප්පල් කිරීමට තම පටු දේශපාලන අරමුණු නිසා මෙවැනි කටයුතු සිදුකරන බවත්, මෙම සිද්ධිය ජනාධිපති සහ අගමැතිවරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බවද නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.