ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් ඉල්ලා අස්වෙයි

දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර කේප්ටවුන් නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වගකීම බාර ගනිමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් දෙදෙනා සිය නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය මේ සම්බන්‍ධයෙන් නිල වශයෙන් දැනුම් දී තිබේ. මේ අතර, ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට තාවකාලිකව වැඩ බලන නායකයා ලෙස කණ්ඩායමේ කඩුලු රකින්නා වන ටිම් පේන් පත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top