යාපනය මානගර සභාවේ නව පුරපති ලෙස දෙමළ ජාතික සන්ධානයෙන් තරඟ කළ ඉමානුවේල් ආර්නල්ඩ් තේරී පත්වූ බව පලාත් පාලන ආයතන කොමසාරිස් පට්රික් නිරන්චන් මහතා නිල වශයෙන් දැනුම් දීතිබේ.
පළමු ඡන්ද විමසුමේ දී පෙරමුණ ගත් ආර්නොල්ඩ් සහ ඊ.පී.ඩී.පි. පක්ෂයේ රෙමිඩියර්ස් අතර දෙවන වටයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත තිබූ අතර, පුරපති ධූරය සඳහා වූ තරඟයෙන් තමන් ඉවත් වන බවට රෙමිඩියර්ස් පැවැසීමෙන් අනතුරුව මානගර සභා පුරපති ලෙස ආර්නල්ඩ් තේරීපත්විය.
Add Comment