මාලබේ ප්‍රදේශයේ සිඳුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට..

මාලබේ – චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දී සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

වෙඩි තැබීමෙන් මිය ගිය පුද්ගලයා කොන්ත්‍රාත්කරුවෙකු බවත් ඔහු මුල්ලේරියාව – හිඹුටාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (46) ක පුද්ගලයකු බවත් පොලිසිය කියයි.

මිය ගිය පුද්ගලයා තම වාහනය මාර්ගයේ නතර කර චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පා ගමනින් යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් ව ඇති බව පොලිසිය සඳහන් කරයි. වෙඩි තැබීමේන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top