නීති විරෝධී ලෙස මැණික් රැගෙන ආ චීන ජාතිකයා අත්අඩංගුවට

චීනයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට මැණික් රැගෙන ආ චීන ජාතික ගුවන් මගියකු අද (26) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.

රුපියල් කෝටි 2කට වඩා වටිනාකමින් යුත් මැණික් ගල් 12ක් සූක්ෂම ලෙස අසුරන ලද පෙට්ටියක බහා මෙලෙස රැගෙනවිත් තිබූ බව පැවැසේ. ඔහු විසින් රැගෙන ආ මැණික් ගල් රාජසන්තක කර ඇති අතර, සැකකරුට රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් ද නියම කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top