85වන ජාත්‍යන්තර පොලිස් සමුළුව අද – පොලිස්පති ඉන්දුනීසියාවට

pujith-jayasundara- පූජිත85වන ජාත්‍යන්තර පොලිස් සමුළුව අද (07) සිට ලබන 10දා දක්වා ඉන්දුනීසියාවේ බාලී නගරයේ දී පැවැත්වේ. 85 වන ජාත්‍යන්තර පොලිස් සමුළුවට සහභාගි වීම සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (06) ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබේ.

මෙම සමුළුවට රටවල් 190ක පොලිස් ප්‍රධානීන් සහභාගිවීමට නියමිත අතර, සමුළුවට සමගාමීව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඕස්ට්‍රේලියා, ඉන්දුනීසියා සහ ජපාන පොලිස්පතිවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව වාර්තාවේ.

පොලිස්පතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ වැඩබලන පොලිස්පතිවරයා ලෙස ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පත් කර ති‍බේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top