SRILANKAN NEWS

සා/පෙළ ප්‍රතිඵල අනිද්දා නිකුත් කරයි – 969 කට ප්‍රතිඵල නැහැ


මෙවර අ.පො.ස. (සා.පෙළ) 2017 විභාග ප්‍රතිඵල එළඹෙන මාර්තු මස 28 දින නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පාසල් මට්ටමේ ප්‍රධාන කඩඉම් විභාග තුනෙහි ම (5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. (සා/පෙළ) විහාගය හා අ.පො.ස.(උ/පෙළ) විභාගයේ) ප්‍රතිඵල සෑම වසරක ම නියමිත දිනයන්හි දී නිකුත් කරන ලෙසට ලබා දී ඇති උපදෙස් අනුවයි.

මේ අතර, 2017 පැවති අ.පො.ස.(සා.පෙළ) විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට තීරණය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

විභාග සම්බන්ධව පැමිණිලි 2,804 ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 2,798 ක් අයදුම්කරුවන් සම්බන්ධ සිද්ධීන්. ඒ පිළිබඳ මූලික විමර්ශන වලින් 1,829 දෙනෙකු නිදහස් වී ඇති අතර ඉතිරි 969 දෙනාගේ ප්‍රතිඵල මේ අනුව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.