රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙරට විශාලතම මූල්‍ය වංචාවක් වූ මිග් ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඔහුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමෙරිකා ඩොලර් මිලියන 7.833ක් පමණ වන මහජන මුදල් අවභාවිත කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ. එම චෝදනාවලට පිළිතුරු සැපයීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට කිහිප වරක්ම වරෙන්තු නිකුත් කළ ද දිගින් දිගටම අධිකරණය මැග හැරීම හේතුවෙන් උදය වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තුවක් ජාත්‍යන්තර පොලීසියට ඉදිරිපත් කර ද තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top