හලාවත නගර සභාව කල් තබයි

හලාවත නගර සභාවේ මංගල සභා වාරය ඝන පූර්ණයක් නොමැතිකම නිසා කල් තැබීමට වයඹ පළාත් පාලන කොමසාරිස් සී.ඩබ්ලිව්.ජයසිංහ මහතා අද(27) කටයුතු කර තිබේ.

පසුගිය දින පැවති පළාත් පාලන මැතිවරණයේදී හලාවත නගර සභාව සදහා එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 07 ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභිකයින් 06 ක්ද, පොදු ජන පෙරමුණ පක්ෂයෙන් සභිකයින් 06 ක්ද, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයෙන් 01 සභිකයෙකුද තේරී පත්විය.

ඒ අනුව අද දින පෙව 08.30 ට සභාව රැස්වෙන බවට වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා සියලූම සභිකයින් හට දැනුම් දී තිබුනද එම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 07 දෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිලරි ප්‍රසන්න යන මන්ත්‍රිවරයා පමණක් පැමිණ සිටිම හේතුවෙන් එම සභා වාරය කල් දැමීමට සිදුව ඇත.

සභා වාරයක් පවත්වා ගෙන යාමට නම් 50% ක් ඉක්මවු ඝන පූර්ණයක් අවශ්‍ය වන අතර පළමු වාරයේදීම සභා වාරය කල් දැමීමට පළාත් පාලන කොමසාරිස්වරයාට සිදුවී ඇත. එහෙත් පොදු ජන පෙරමුණ පක්ෂයේ සභිකයින්ට පැමිණිමේදී සිදුවූ ප්‍රමාද දොෂයක් නිසා නියමිත වේලාවට සහභාගී වීමට නොහැකිවූ බව මද වේලාවකට පසු සභාවට පැමිණි පොදු ජන පෙරමුණ පක්ෂයේ සභිකයකු පවසා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top