SRILANKAN NEWS

බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ලබන 1 වනදාට

බරපතළ වංචා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව පරීක්ෂණ සිදු කළ ආකාරය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම ජුලි මස 16 වනදා සලකා බලන බව අභියාචනාධිකරණය නියම කර තිබේ.

එම පෙත්සම අද(27) අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

මෙහිදී පෙත්සම්කාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් සඳහා පෙනී සිටින බැවින් වෙනත් දිනයක් ලබා දෙන්නැයි ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.

එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය පෙත්සම ජූලි මස 16 වන දා සලකා බලන බවයි නියම කළේය.

බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ, බරපතළ වංචා පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව පරීක්ෂණ සිදුකළ 2015 සහ 2010 වසර වල එම කොමිසමේ නිල කාලය ජනාධිපතිවරයා විසින් නිසි ලෙස දීර්ඝ කර නොතිබූ බවයි.

මේ හේතුවෙන් තමන් සම්බන්ධයෙන් එම කොමිසම විසින් සිදුකළ නිර්දේශ නීත්‍යානුකූල නොවන බව පෙන්වා දෙන බැසිල් රාජපක්ෂ මහතා එබැවින් ඒවා අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද තම පෙත්සමෙන් ඉල්ලා තිබේ.