හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (28) දිනයේ පැවැත්වීමට නියමිතව බව වාර්තා වෙයි.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.00ට කථානායක කාර්යාලයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායක කරූ ජයසූරිය මහතාට බාර දෙනු ලැබීය.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදය ලබන අප්‍රේල් 04 වන දින පැවැත්වීමට පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top