විකෘති කළ නෝට්ටු මාරු කිරිමේ කාලය මාර්තු 31න් අවසන්

මහජනයා සතුව ඇති, අකුරු, ඉලක්කම් ලිවීමෙන්, ඉරි ඇදීමෙන් සහ වෙනත් අනවශ්‍ය දේ ලිවීමෙන් විකෘති කරන ලද මුදල් නෝට්ටු වාණිජ බැංකු වෙත බාරදී ඒ වෙනුවට පිරිසිදු මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා දී තිබූ කාලය මාර්තු 31 දිනෙන් පසු අවසන් වන අතර කුමන හේතුවක් නිසාවත් එම දිනය දීර්ඝ නොකරන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

නෝට්ටුවේ අනුක්‍රමික අංකය, අත්සන, නිකුත් කළ දිනය, දිය සළකුණ යන මුදල් නෝට්ටුවක තිබිය යුතු ලක්ෂණ වලට හානි පැමිණ තිබේනම් එය භාවිතයෙන් ඉවත් කළ යුතුය. එලෙස විකෘති කරන ලද මුදල් නෝට්ටුවක් මාර්තු 31 වැනිදායින් පසු ගනුදෙනු කරුවකු සතුව තිබුණහොත් එහි පාඩුව විද දරා ගැනීමට සිදුවන්නේ එම ගණුදෙනු කරුටම බැවින් මාර්තු 31 දාට පෙර තමන් සතුව එවැනි නෝට්ටු තිබේනම්, වාණිජ බැංකුවලට ලබාදී පිරිසිදු නෝට්ටු ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top