මාලිගාවත්ත ප්‍රදේශයේ සිඳුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට..

මාලිගාවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනයකර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ශාවුල් හමීඩ් මොහොමඩ් හෙවත් නිප්පු නමැත්තා බවත්, සන්නද්ධ පාතාල කණ්ඩායමක් මෙම පුද්ගලයාව පැහැරගෙන ගොස් වෙඩි තබා පළාගොස් ඇති බව ද වාර්තාවේ.

සිද්ධියෙන් මියගොස් ඇති පුද්ගලයා කෙසෙල්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්‍ධයෙන් මාලිගාවත්ත පොලීසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top