WORLD NEWS

මර්ධනවලින් නව පක්‍ෂයේ ගමන නවත්වන්න බැහැ – බැසිල් රාජපක්‍ෂ

Basil Rajapaksa - බැසිල්නව පක්ෂයේ සාමාජිකත්වය ලබාගන්නා වෙනත් පක්ෂවල සාමාජිකයන්ගේ සාමාජිකත්වය අහෝසි කරදැමීමෙන් හෝ වෙනත් ආකාරයේ මර්දන ක්‍රියා තුළින්. නව පක්ෂයේ ගමන වැළැක්වීමට නොහැකි බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට සිටින විශාල පිරිසක් වෙනත් පක්ෂවල සාමාජිකයන් බවත්, මෙම පිරිස් නව පක්ෂයේ සාමාජිකයන් බඳවා ගැනීම ආරම්භ කළ මොහොතේම සාමාජිකත්වය ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවද හෙතෙම පවසා තිබේ.

නව පක්ෂයේ සාමාජිකයන් බඳවා ගන්නා අවස්ථාවේදී මුලින්ම සාමාජිකත්වය ලබාගැනීමට සිටින කණ්ඩායමේ තමාද සිටින බවත්, නව පක්‍ෂයට එකවර සාමාජිකයන් ලක්ෂ 10 ක් බඳවා ගැනීමට සැලසුම්කර තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.