SRILANKAN NEWS

සරත් කුමාර ගුණරත්නට ඇප

sarath-kumara සරත් කුමාරහිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාට මීගමුව මහ අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

2001 වර්ෂයේදී මීගමුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පෙළපාලියකට සහභාගිවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු අනතුරකට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වන නඩුව අද (07) මීගමුව මහ අධිකරණයේදී විභාගයට ගන්නා ලදී.

එහිදී රුපියල් 50,000 ක මුදල් ඇපයක් හා ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2 ක් මත සරත් ගුණරත්න මහතාට ඇප ලබාදී තිබෙන අතර, සෑම මසකම 3 වන ඉරිදා දින මීගමුව පොලීසිය ඉදිරියේ පෙනී සිටින ලෙසත්, විදෙස් ගමන් තහනම් කර ඇති බවට අධිකරණය විනිසුරුවරයා නියෝග කර තිබේ