අ.පො.ස. (සා/පෙළ) ප්‍ර‍තිඵල නිකුත් කරයි – පළමු ස්ථාන හයක්

අ.පො.ස. (සා/පෙළ) ප්‍ර‍තිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර විභාගය සඳහා 688,573ක් අයදුම් කර ඇති අතර එම ප්‍ර‍තිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස අයදුම්කරුවන් නිවැරදි අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.

ප්‍ර‍තිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත සඳහන් දැක්වෙන දූරකතන අංකවලට ඇමතුමක් ලබාදීමෙන් දැනගත හැකිය.

පාසල් විභාග සංවිධාන හා ප්‍ර‍තිඵල ශාඛාව – 0112784208/0112784537
ක්ෂණික ඇමතුම් අංකය – 0113188350/0113140314

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගයේ පළමු ස්ථාන හයක් හිමිකරගෙන තිබේ. ඒ අනුව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කසුනි සෙනෙවිරත්න හා චමෝදි රවීසා සුභසිංහ පළමු ස්ථාන දෙකක් ලබා තිබේ.

එසේම මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නවෝද්‍යා රණසිංහ ශිෂ්‍යාව , මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ දිව්‍යාජනා විමලවීර ශිෂ්‍යාව, මාතර සුජාතා විද්‍යාලයේ රන්දි ලක්ප්‍රියා ශිෂ්‍යාව, රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ කවීශ ප්‍රතිභාත් ශිෂ්‍යා මෙලෙස පළමු ස්ථාන හය හිමිකරගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top