SRILANKAN NEWS

කිලිනොච්චියේ නිවසක ගින්නක් – නිවසට දැඩි අලාභ හානි..

කිලිනොච්චිය, කරඩිපෝක්කු මංසන්ධිය ප්‍රදේශයේ දෙමහල් නිවසක් ඊයේ (28) රාත්‍රී 11ට පමණ හදිසියේ ඇතිවූ ගින්නකින් නිවසට හා භාණ්ඩවලට දැඩි අලාභ හානි සිඳුව ඇති බව වාර්තාවේ.

හමුදාව, පොලීසිය සහ යාපනය මානගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා ගින්න නිවා දමා තිබේ. ගින්නෙන් පුද්ගලයින් කිසිවෙකුටත් හානියක් සිදුවි නොමැති බව ද වාර්තාවේ.

ගෙහිමියන් නිදා සිටි අවස්ථාවක ගින්න හටගෙන ඇති අතර, ගින්න හට ගැනීමත් සමඟ ගෙහිමියන් නිවසින් පිටතට පැමිණ තිබේ. විදුලි කාන්දුවක් ගින්නට හේතුවි ඇති බවට පොලිසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.