රුසියාව විදේශ රාජ්‍යතාන්ත්‍රිකයින් 60 දෙනෙකු රටින් පිටුවහල් කිරීමට තීරණය කරයි..

රුසියාවේ ශාන්ත පීටස්බර්ග්හි පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලයේ සේවය කරන ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් නිලධාරින් 60 දෙනෙකු පිටත්කර යැවීමට රුසියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් නිවේදනය කර ඇත්තේ අදාළ ඇමෙරිකානු නිලධාරින් පිටත්කර යවා ඇමෙරිකානු කොන්සල් කාර්යාලය වසාදමන බවයි.

එංගලන්තයේදී හිටපු රුසියානු ඔත්තු සේවා නිලධාරියෙකු සහ ඔහුගේ දියණිය ඝාතනය කිරිමට තැත් කිරිමේ චෝදනා එල්ලවීමත් සමඟ යුරෝපය ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබීය.

එංගලන්තයේ සිය රුසියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් 23 දෙනෙකු පිටත්කර යැවීමත් සමඟ අර්බුදය තවත් උග්‍ර විය.

පසුගියදා ඇමෙරිකාව විසින්ද රුසියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් පිරිසක් පිටත් කර යැවිමට පියවර ගෙන තිබිණි. ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාව මෙම තීරණයට එළඹ ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top