විශ්වාසභංගය ගැන පාර්ලිමෙන්තු කණ්ඩායම තීරණය කරයි – ඊට පෙර මෛත්‍රී සහ රනිල් සමඟ සාකච්ඡා..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන තම පාර්ලිමෙන්තු කණ්ඩායම සාකච්ඡා කර තීරණයක් ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සහ තමිලරසු පක්‍ෂ නායක මාවයි සේනාදිරාජා මහතා පවසයි.

අද (31) දින යාපනයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ. එහිදී වැඩිදුරටත් පවසා තිබෙන්නේ. ‘විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී දෙමළ ජාතික සන්ධානය කළ යුත්තේ කුමක් දැයි ප්‍රශ්ණයක් ඇතිවන්නේ නම් එය ගැන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු කණ්ඩායම ලබන 2 හෝ 3 වනදා සාකච්ඡා කර තීරණයක් ගනියි. එයට පෙර ජනාධිපති සහ අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍යවී තිබෙන බවද මාවයි සේනාදිරාජා මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top