ආණමඩුව ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කොට්ටුකච්චිය ප්‍රදේශයේදී ඊයේ (31) දින හෙරෝයින් මිලි ග්‍රෑම් 600 ක් අලෙවි කිරීම සඳහා සන්තකයේ තබා ගෙන සිටි බව කියන සැකකරවෙකුව ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වෙන්නප්පුව – සිරිගම්පල කොළණියේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු වෙන්නප්පුවේ සිට කොට්ටුකච්චියට පැමිණ හෙරෝයින් අලවි කරන බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top