කදීජා පදනමේ සභාපති එම්.එස්.එච් මොහොමඩ් මහතාගේ සහ වෙනත් පරිත්‍යාගශීලීන්ගෙන් ලද ආධාර මත ලබාගත් පෙට් ස්කෑනර් යන්ත්‍රය ජනතා අයිතියට පත් කිරිමේ කටයුතු අද (01) දින සිදුකිරීමට නියමිතය.
මෙම පෙට් ස්කැනර් යන්ත්‍රය පසුගිය වසරේ දෙසැම්බර් මස 24 දින ගුවන් මඟින් ශ්‍රී ලංකාවට ගෙන් වූ අතර එය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.
කදීජා පදනමේ සභාපති එම්.එස්.එච් මොහොමඩ් මහතාගේ සහ සියලු මාධ්‍ය ආයතනවල මැදිහත්වීම මත මෙම මුදල මහජන ආධාර වශයෙන් එකතු කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලදී.
ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමෙන් ජර්මනියේ සීමන්ස් ආයතනයෙන් රුපියල් මිලියන 202ක් වැය කරමින් පෙට් ස්කෑන් යන්ත්‍රය මෙරටට ගෙන් වීමට කටයුතු කළ අතර මෙම යන්ත්‍රයෙන් මසකට ස්කෑන් 100කට වැඩි සංඛ්‍යාවක් සිදු කළ හැකිය.
එම්.එස්.එච් මොහොමඩ් මහතාගේ දරුවෙකු පිළිකා රෝගයට ගොදුරු වී සිටි අතර එහිදී මෙවැනි යන්ත්‍රණයක් රජයේ රෝහලක් තුළ නොමැති වීම හේතුවෙන් ඔහු මුහුණ දුන් කණගාටුදායක තත්වය වෙනත් රෝගීන්ට හා ඔවුන්ගේ ඥාතීන්ට අත්වීමට ඉඩ නොදීමේ අරමුණෙන් ඒ මහතා විසින් පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා අරමුදලක් පිහිටුවීමට මූලික වන ලදී.
Add Comment