ලෝක වෙළෙඳපොළේ 2018 ජනවාරි සිට මේ වන විට බොර තෙල් මිල අඛණ්ඩ වැඩි වීමක් වාර්තා වුව ද එහි බර ජනතාව මත පැටවීම වැළැක්වීමේ අරමුණෙන් ඉන්ධන මිල වැඩි නොකිරීමට රජය කටයුතු කර ඇති බව රජය පවසයි. ඒ අනුව මෙතෙක් පෙට්‍රල් ලීටර් එකක් සඳහා අය කරන ලද රුපියල් 35 තීරු බද්ද රුපියල් 12 දක්වා ද, ලීටර් එකකට රුපියල් 15ක් වූ ඩීසල් මත වූ බද්ද රුපියල් 4 දක්වා ද අඩු කර ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්ධන අවශ්‍යතාවෙන් 70%ක් ම නිමි භාණ්ඩ ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ආනයනය කරනු ලබයි. 2015 වන විට අමෙරිකානු ඩොලර් 49.49ක්ව තිබූ බොර තෙල් බැරලයක මිල 2017 අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් 54.95 දක්වා වැඩි විය. 2018 මාර්තු වන විට තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 63.07 දක්වා වැඩි වී ඇති අතර එය ඉදිරියේ දී ඇමරිකානු ඩොලර් 70 උපරිමය දක්වා වැඩි වන ඇතැයි තොරතුරු වාර්තා වෙමින් තිබේ.
ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුව ශ්‍රී ලංකාවේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 132.37 දක්වා මේ වන විට වැඩි වී ඇත. එමෙන් ම ඩීසල් ලීටර් එකක නිෂ්පාදන පිරිවැය මේ වන විට රුපියල් 135 දක්වා වැඩි වී ඇත. එසේ වුව ද එහි පාඩුව විඳදරා ගනිමින් පෙට්‍රල් ලීටරයක් රුපියල් 117ටත්, ඩීසල් ලීටරයක් රුපියල් 95ටත් 2015 වසරේ සිට මේ වෙන තෙක් අලෙවි කෙරේ.
2013 වසරේ දී ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටර් එකක් රුපියල් 162 ක් විය. 2015 බලයට පත් වූ රජය ජනතාවට වූ පොරොන්දුව ඉටු කරමින් පෙට්‍රල් මිල රුපියල් 117 දක්වා අඩු කළේ ය. එමෙන් ම රුපියල් 111ක් ව පැවැති ඩීසල් ලීටර් එකක් 2015 වසරේ දී රුපියල් 95 දක්වා අඩු කරන ලදී.
2015 දී අඩු කරන ලද මිලටම ඉන්ධන මේ වන තෙක් අලෙවි කරනු ලැබූව ද ජාත්‍යන්තර තෙල් මිලෙහි අඛණ්ඩ වැඩි වීමක් වාර්තා වේ. මෙවන් පසුබිමක් තුළ තව දුරටත් ලෝක තෙල් මිල වැඩිවීමක් සිදු වුවහොත් සමාජ, ආර්ථික හා සංවර්ධන ක්ෂේත්රයේ ඇතිවන්න වූ අහිතකර බලපෑම වැළැක්විය නොහැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.
Add Comment