WORLD NEWS

චීන අභ්‍යවකාශ පරීක්‍ෂණාගාරයේ කොටස් දකුණු පැසිෆික් සාගරයට කඩා වැටෙයි

චීන අභ්‍යවකාශ පරීක්‍ෂණාගාරයේ කොටස් දකුණු පැසිෆික් සාගරයට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

චීනයේ බීජිං නුවර වේලාවෙන් අද (02) උදෑසන 8.15 ට පමණ මෙම පරීක්‍ෂණාගාර කොටස් දකුණු පැසිෆික් සාගරයේ මධ්‍යම ප්‍රදේශයට කඩා වැටී තිබේ.

චීනය 2011 වසරේ දී උඩුගුවනට යැවූ ටොන් 8 ක් බරැති ටියඅන්ගොන් වන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටස් මෙලෙස කඩා වැටීමට ලක්ව ඇත. මෙය පෘථිවි වායු ගෝලයට ඇතුළු වීමත් සමඟ ගිනි ගෙන කුඩා කොටස්වලට කැඩී ඇති බව විදෙස් අභ්‍යවකාශ මධ්‍යස්ථාන සදහන් කළේය‍.

මෙම පරීක්‍ෂණාගාරය 2016 වසරේ මාර්තු සිට අක්‍රීය වී ඇති අතර එහි කොටස් පොළවට කඩා වැටීම පාලනයකින් තොරව සිදුවිය.