දෙමළ ජාතික සන්ධානය ජනපති හමුවෙයි..

දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් අද (3) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.

මෙම සාකච්ඡා හමුවෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කළ සම්බන්‍ධන් මහතා, විශ්වාසභංගය පිළිබඳ තම ස්ථාවරය ගැන අද රාත්‍රීයේ හෝ හෙට උදෑසන පක්‍ෂ නායකයන් සමඟ සාකච්ඡා ප්‍රකාශයට පත්කරන බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top