ශ්‍රී.නි.ප. ඉල්ලීම එ.ජා.පෙ. ප්‍රතික්‍ෂේප කරයි..

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පදවියෙන් ඉල්ලා අස්වන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ ( 03) පැවති කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවෙන් අනතුරුව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාව අගමැතිවරයාට සහ එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කර තිබේ.

එයට ප්‍රතිචාර වශයෙන්, අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තවදුරටත් කටයුතු කළ යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණේ තීන්දුව යයි ඔවුන්ට දැනුම්දීමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් කටයුතු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top