ලබන 30 වන දිනට පෙර එ.ජා.ප. ප්‍රධාන තනතුරුවල වෙනසක්

ලබන 30 වන දිනට පෙර පක්ෂයේ ප්‍රධාන තනතුරු පහක වෙනසක් සිදුකිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසා සිටින්නේ ඒ අනුව පක්ෂ නායක, නියෝජ්‍ය නායක, උප නායක, සභාපති සහ මහලේකම් යන තනතුරු වල යම් වෙනසක් සිදුකිරීමට තීරණය කර ඇති බවයි.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් ඊයේ (07) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවද ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

අදාළ ඉහළ තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීම මෙන්ම පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් තීරණය කිරිමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක්ද රහස් ඡන්දයකින් පත් කර ඇති අතර ගයන්ත කරුණාතිලක, මංගල සමරවීර, එරාන් වික්‍රමරත්න, රංජිත් මද්දුම බණ්ඩාර, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, හරීන් ප්‍රනාන්දු, අජිත් පී. පෙරේරා, රුවන් විජේවර්ධන, නලීන් බණ්ඩාර, අශෝක ප්‍රියන්ත සහ ජේ.සී. අලවතුවල යන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම මණ්ඩලයට පත්ව තිබේ.

පක්ෂයේ නියේජ්‍ය නායකයන් ලෙස කටයුතු කරනු ලබන අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරුන්ද මෙම කමිටුවට ඇතුළත්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top