යස්මින් සූකාට ඇරයුමක් – කොටි මුදල්වලින් ක්‍රියාත්මක වන බවට චෝදනාවක්..

යුද්දයේදී දෙමළ සිවිල් වැසියන් 40 දාහක් ඝාතනයට පත්වූ බවට ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කළ, එක්සත් ජාතීන් සංවිධානයේ හිටපු නිලධාරිවරියෙකු වන යස්මින් සූකාට ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ඇරයුම් කර තිබේ.

ශ්‍රී ලංකා රජය, ජිනීවා මානව හිමිකම් සභාවට ඉදිරිපත් කළ වාර්තාවෙහි මේ බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ හමුදා නිලධාරින් 25 දෙනෙකු යුද අපරාධ සිඳු කර ඇති බව පවසා යස්මින් සූකා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවට වාර්තා 75ක් ඉදිරිපත් කර ඇති බවට සිංහල පුවත්පතක් සඳහන් කර තිබේ.

ඩයස්පෝරා කොටින් සමඟ එක්වී ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධවල නිරතවූ බවට චෝදනා එල්ල කරන ප්‍රධාන පැමිණිළිකරුවෙකු වන යස්මින් සූකා, කොටි ආධාරකරුවන්ගේ මුදල්වලින් ක්‍රියාත්මක වන බවද එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top