කොඩිකාමම් ප්‍රදේශයේ කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකුට තුවාලයි

යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේ දී කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් කැබ් රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. රෝහල ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයක දී අද (8) පෙරවරු 10.15 පමණ මෙම අනතුර සිඳුව තිබේ.

දුම්රිය සංඥා නොතකා අදාළ කැබ් රථය ධාවනය කිරීම මෙම අනතුරට හේතුව බව පැවැසේ. සිද්ධියෙන් තුවාල ලැබූවන් යාපනය රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top