ෆේස් බුක් නියෝජිත කාර්යාලයක් ලංකාවේදී පිහිටුවන්නැයි ඉල්ලීමක්

ෆේස්බුක් සමාගමේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලෙස ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සිංහල භාෂාවෙන් ප්‍රසිද්ධ කරන ඇතැම් පළකිරීම් හරහා ජාතීන් අතර ගැටුම් ඇතිවීම වළක්වාගැනීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට මේ හරහා අපේක්ෂා කරයි.

ජනාධිපති ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ ෆේස් බුක් නියෝජිතයින් සමග පැවැත්වෙන මීලග සාකච්ජාවේදී අදාළ ඉල්ලීම සිදුකරන බවයි.

අප්‍රේල් 4 වනදා දෙපාර්ශවය අතර සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබුණධ එය සිදු නොවූ බවත් කෙසේ වෙතත් එම හමුව සිදුවන විට ශ්‍රී ලංකාවේ කාර්යාලයක් විවෘත කිරිම සඳහා සාකච්ඡා කිරීමට සූදානම් බවද ඔහු පවසා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top