මලික් එජාප සභාපති තනතුරින් ඉල්ලා අස්වෙයි

සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයට සහාය දීමක් ලෙස මෙලෙස ඔහු ඉල්ලා අස්වී ඇති බව පැවැසේ.

මෙම ප්‍රතිසංවිධානයට සහාය දක්වමින් අමාත්‍ය කබීර් හෂීම් මහතාද එජාප මහලේකම් තනතුරින් මීට පෙර ඉල්ලා අස්වී තිබුණි.

ඒ අනුව ලබන අප්‍රේල් 30 වනදාට පෙර එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ඇතුලු තනතුරු සදහා වන පුරප්පාඩු පත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top