ශ්‍රී.නි.ප. කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට තීරණය කරයි..

අද පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් තීරණය කර තිබේ.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී මේ සම්බන්‍ධයෙන් ඒකමතිකව තීරණයක් ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු මෙන් ම මැයි දින රැලිය පිළිබඳව ද ඊයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කර ඇති අතර, රජය සමග තවදුරටත් කටයුතු කරනවා ද නැතහොත් ඉන් ඉවත් වනවා ද යන්න පිළිබඳව හෙට දිනයේ මධ්‍යම කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top