නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංඝනය කර මෙරට රැදී සිටිමින් රෙදි පිලි අලෙවි කළ ඉන්දීය ජාතිකයකු මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෝදර පොලිස් ස්ථානයේ නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කෙරුණු වැටලීමකදී මෝදර රජමල්වත්ත හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක වීසා මත දිවයිනට පැමිණි මොහු ආගමන විගමන නීති උල්ලංඝන කරමින් රෙදිපිලි අලෙවි කරමින් සිටි බව පොලීසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top