එජාපයේ ප්‍රතිසංවිධාන කටයුතු ලබන 30 වන දා අවසන් කිරීමට තීරණය කරයි..

තනතුරුවල වෙනසක්ද සහිතව එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ලබන 30 වැනිදා වන විට අවසන් කිරීමට ඒ සඳහා පත් කෙරුණු කමිටුව තීරණය කර තිබෙනවා.

මේ ඒ පිළිබඳ කරුණු දක්වන නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල පෙන්වා දුන්නේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ප්‍රමාද වුයේ නම් ඊට හේතුව විශ්වාසභංගයේදී අගමැතිට එරෙහිව ඡන්දය භාවිතා කළ ශ්‍රීලනිප ඇමතිවරුන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට සිදු වීම නිසා බවයි.

මෙම කමිටුවේ මීළඟ රැස්වීම ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතව ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top