ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු නික් පෝතාස් ඉල්ලා අස්වෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වන නික් පෝතාස් මහතා ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඔහු වසර දෙකක කාලයක් කටයුතු කළ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත්වීමට පෙර කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ මහතා වැඩභාර ගැනීමෙන් අනතුරුව ඔහු සහාය පුහුණුකරු ලෙස සේවය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති නමුත්, ශ්‍රී ලංකා ක්‍රිිකට් ආයතනය එයට එකඟත්වය පළ කර නොමැති බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top