උතුරු පළාත් සභා සැසිවාරයේදී උතුරු පළාත් මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සෙංකෝලය උස්සාගෙන යාමට තැත් කිරීමේ සභාව තුළ නොසන්සුන් තත්වයක් ඇතිවුණි.
උතුරු පළාත් සභාවේ 65 වන සැසිවාරය අද අඟහරුවාදා දින පැවැත්විණි. එහිදී පසුගිය සැසිවාරයේදී තමන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවල පළවූ වාර්තා නිසා සිය කීර්ති නාමයට හානියක් සිදුව ඇති බව පවසා එය ගැන අදහස් ප්‍රකාශ කිරීමට අවසර ලබාදිය යුතු යැයි සිවාජිලිංගම් සභාපතිගෙන් ඉල්ලා සිටියේය.
එයට සභාපති සි.වි.කේ. සිවඥානම් තමන් එයට අවසර නොදෙන බව පවසා සිටියේය. අනතුරුව කෝපයට පත්වූ සිවාජිලිංගම් සභා ගැබට ගොස් සෙංකෝලය උස්සාගෙන යාමට තැත් කළේය. එවිට විපක්ෂ නායක සි. තවරාසා මැදිහත්වී සිවාජිලිංගම්ව සමතයට පත්කර කළේය. එවිට සභාපතිවරයා ‘නුඹට මොනවද ඕනේ‘ යැයි අසා සිටියේය.
ඉන්පසු සභාව තුල ‘නුඹට‘ යන වචනය භාවිතා කිරීම ගැන තමන් සභාවෙන් සමාව ඉල්ලා සිටින බවත්, එම වචනය වාර්තාවෙන් ඉවත් කරන බවද උතුරු පළාත් සභා සභාපති පවසා සිටියේය.