SRILANKAN NEWS

රෙජිනෝල්ඩ් කුරේ යළි උතුරු පළාත භාර ගනියි..

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නැවත පත්කර ඇති රෙජිනෝල්ඩ් කුරේ මහතා ඊයේ (17) දින නිල වශයෙන් සිය වැඩ භාරගත්තේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් රෙජිනෝල්ඩ් කුරේ මහතා නැවතත් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී තිබේ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හා දෙමළ ජාතික සන්ධානය මුල සිටම රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරේ ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කර තිබුණි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් රෙජිනෝල්ඩ් කුරේ මහතාව යළි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කළේය.

ඊයේ දින යාපනයට පැමිණි රෙජිනෝල්ඩ් කුරේ මහතා මහත් හරසරින් පිළිගනු ලැබීය. අනතුරුව යළි උතුරු පලාත් ආණ්ඩුකාර ධූරයේ වැඩ භාරගත් රෙජිනෝල්ඩ් කුරේ මහතා, උතුරේ විශාල පිරිසකගේ ඉල්ලීමකට අනුව තමන් යළි මෙහි පැමිණි බවත්, තමන්ට ඉටුකළ යුතු රාජකාරි කටයුතු රැසක් තිබෙන බවත් ඒ සඳහා ගත යුතු සියළු ක්‍රියාමාර්ග ගන්නා බවද පවසා සිටියේය.