උතුරු පළාතට බලපා ඇති දැඩි නියඟයෙන් ජනතාව පීඩාවට

මේ දිනවල උතුරු ප්‍රදේශයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් පවුල් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින බව උතුරේ දිස්ත්‍රික් ලේකම් වරුන් විසින් නිකුත් කොට ඇති සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙයි.

මේ පවුල් අතරින් වැඩිම සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින්නේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 29838 ක් විපතට පත්ව සිටින බව මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

දෙවනුව මුලතිව් දිස්ත්‍රික්කයේ වැසියන් පීඩාවට පත්ව සිටින අතර එහි පවුල් 13566 ක් විපතට පත්ව සිටිති.

උතුරේ නියඟය හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාව බීමට හා නෑමට ජලය ඉල්ලා සිටින නමුත් බීමට ජලය සැපයිය හැකි අතර නෑමට ජලය සපයා දීමට ක්‍රමයක් නොමැති බව ප්‍රාදේශීය ලේකම්වරුන් කීප දෙනෙකුම කියා සිටියහ.

දැනටමත් උතුරේ බොහෝ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වල ජනතාවට පානීය ජලය සැපයීමේ වැඩ පිළිවෙලවල් දියත් කොට ඇති අතර මෑතකදී පත් වූ ප්‍රාදේශීය සභා නියෝජිතයෝ මැදිහත් වී එම කටයුතු දැඩි උනන්දුවකින් සිදු කරණ බව උතුරේ ප්‍රාදේශීය ලේකම්වරු කීප දෙනෙකුම කියා සිටියහ.

වර්ෂාව නොමැතිකම නිසා උතුරේ බොහෝ ප්‍රදේශ වියළී ගොස් තණකොළ කහ පැහැයක් ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top